විද්‍යාර්ථ මහා විද්‍යාලය -

  අනුරාධපුර

විද්‍යාර්ථ මහා විද්‍යාලය

විද්‍යාර්ථ මහා විද්‍යාලය

websit.jpeg
WhatsApp Image 2025-02-25 at 10.41.33.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එච්.එම්.ආර්.හේරත්

විවිධ වූ බාධක මැදින්,අවම පහසුකම් යටතේ ඉදිරියෙන් ඉදිරියට යන අප පාසල උතුරු මැද පළාතේ ඇති දීප්තිමත් පාසලකි.  1000 කට අදික සිසු දරුවන් පිරිසක් අධ්‍යාපනය ලබන මෙම විද්‍යාලය කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර,අප පාසලෙන් බිහි වූ විහිෂ්ට දරුවන් රටේ නොයෙක් තනතුරු දරමින් රටට සුවිශේෂී වූ මෙහෙවරක් ඉටු කරති. 

අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද,සෞන්දර්ය අංශයෙන්ද,ක්‍රීඩා අංශවලින්ද, ජාතික විභාග ප්‍රතිඵල වලින්ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය හා සයිබර් ලොවට පියාපත් වැඩසටහනින් ලබා දුන් තාක්ෂණික දායකත්වය මත විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ ඒකකය මගින් නිර්මාණය කෙරුණ අප පාසලේ වෙබ් අඩවිය අප පාසලේ දරුවන් මෙරට මෙන්ම අන්තර්ජාතික වශයෙන් බැබලවීමට මහත් රුකුලක් වනු අතැයි අපේක්සා කරමි.

මෙම කාර්යය සාර්ථක කර ගැනීම සදහා කැප වූ පාසලේ තොරතුරු තාක්ෂණ ගුරු චාන්දනී කුමානායක මහත්මියටත් ,උදයන්ගනී මහත්මියටත් එම දරුදැරියන්ටත් අධ්‍යාපන අමාත්‍යාංශයටත්,සයිබර් ලොවට පියාපත් කාර්යය මණුඩලයටත් ‍ බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

එච්.එම්.ආර්.හේරත්

නියෝජ්‍ය විදුහල්පති

විද්‍යාර්ථ මහා විද්‍යාලය ,පහළමහරගහවැව

එච්.එම්.ආර්.හේරත්
නියෝජ්‍ය විදුහල්පති
අ/විද්‍යාර්ථ මහා විද්‍යාලය.

77 වන නිදහස් දිනය

පාසලේ අධ්‍යන කාර්ය මණ්ඩලය