රිදී සාමයේ හඬින් අවදි වී -අඳුරු වලා නසමින්
විද්‍යාර්ථ විද්‍යාලේ -විද්‍යාර්ථ මහ විදුහල්
මව සැරදේ සැමකල්
ඔබේ සෙවණෙහි සිසිල් සුව ලැබී
නැළවෙමු අපි සාමෙන්
ඔබේ සුන්දරතර නාමෙන්
සිසු කැළ එකතුවෙමු
ජය හඬ පතුරවමු
වෙලී සමඟියෙන් -නැඟී ඒක හඬින්
දියුණ කරා යමු දැන් -අපි සමඟිව සෑම දෙනා
මහා පඬිවරුන් කලාකාමියන්
සාහිතධරයන්ගේ
හුදු නිජබිම මවමු මෙහි
සිසු කැළ එකතුවෙමු
ජය හඬ පතුරවමු
රිදී සාමයේ හඬින් අවදි වී -අඳුරු වලා නසමින්
විද්‍යාර්ථ විද්‍යාලේ -විද්‍යාර්ථ මහ විදුහල්
මව සැරදේ සැමකල්//






